ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තයට ප්‍රහාරයක්

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තයට ප්‍රහාරයක්

March 14, 2026   07:30 am

ඉරානයේ ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන කාර්ග් දූපතට අමෙරිකාව විසින් බෝම්බ හෙළා තිබේ.

අමෙරිකාව තහවුරුකර ඇත්තේ කාර්ග් දූපතේ සෑම හමුදා ඉලක්කයකටම ප්‍රහාර එල්ල කළ බවය.

සැතපුම් 5ක පමණ දිගකින් යුත් කුඩා දූපතක් වන මෙය, ඉරාන වෙරළට නාවික සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි තිබේ.

කාර්ග් දූපත එරට ප්‍රධානම බොරතෙල් අපනයන පර්යන්තය ලෙසින් සැලකෙන අතර, එය ඉරානයේ 'ඛනිජ තෙල් ජීවනාලිය'  ලෙස හඳුන්වයි.

ඉරානය සිය බොරතෙල් අපනයනයෙන් 90%ක්ම සිදුකරන්නේ මෙම දූපත හරහාය. 

එමෙන්ම ඔවුන්ගේ විශාලතම තෙල් ගැණුම්කරුවා වන චීනය තෙල් රැගෙන යන්නේද මෙම දූපතෙන්ය.

ඒ අනුව කාර්ග් දූපතට එල්ලවන ඕනෑම ප්‍රහාරයකින් ඉරාන ආර්ථිකයට බරපතළ බලපෑමක් එල්ලවනු ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම දූපත අල්ලා ගැනීමට අමෙරිකාව විශේෂ හමුදා යැවීමට ට්‍රම්ප් සලකා බලමින් සිටින බවත් එම වාර්තා සඳහන් කර තිබුණි.